යාපනයේ අවිවාහක අඹු සැමියන් 41ක් රජයේ වියදමින් විවාහ දිවියට

Share

නීතියෙන් විවාහ නොවී එකට සිටි යාපනයේ ජෝඩු 41ක් රජයේ වියදමින් විවාහ දිවියට ඇතුලත් කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ් අනුව පසුගිය දින හතරක කාලයේ දී ස්වදේශ කටයතූ අමාත්‍යාංශයේ ”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් හතරක දී විවාහ කරදුන් අවිවාහකව සිට අඹුසැමි යුවළ සංඛ්‍යාව 79කි.

මොවුන් විවාහ කර දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති ”නිල මෙහවෙර” ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් හතරක් අතරතුර දී ය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ දීර්ඝකාලයක් යුද්ධයට මුහුණ දී තිබූ උතුරු ප්‍රදේශවල නීත්‍යානුකූළව විවාහ නොවූ නමුත් දරුවන් පවා සිටින අඹු සැමියන් විශාල පිරිසක් සිටින බවයි. ඔවුන්ගේ විවාහ ලියාපදිංචි කිරීම නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන පැවැත්වෙන භූමියේ දී රජයේ වියදමින් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News