පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ද ඉදිරි සතියේ දී – සෞඛ්‍ය අමාත්‍ය

Share

සෞඛ්‍ය යනු වෙළෙද ව්‍යාපාරයක්ම පමණක් නොව සේවාවක් ද විය යුතුයි. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ද ඉදිරි සතියේ දී නිකුත් කරනවා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සණස ව්‍යාපාරයේ 40 වන සංවත්සරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී  පැවැත්විනි. මෙහිදී නව මුහුණුවරකින් සණස ලාංඡනය එළිදැක්වීම, සණස ග්‍රන්ථ එළිදැක්වීම, සණස සේවක උපහාර පිරිනැමීම සහ සණස සමරු මුද්දරය නිකුත් කිරීම සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

සමූපකාර ව්‍යාපාරය අද්විතීය සේවාවක් ඉටු කරනවා. සණස ව්‍යාපාරය සිය 40 වන සංවත්සරය සමරනු ලබන්නේ අභිමානයෙන් යුතුවයි. කාන්තා බැංකුව, සමෘද්ධි ව්‍යාපාරය සහ සර්වෝදය ව්‍යාපාරය සමූපකාර ව්‍යාපාර ලෙස රටට වැඩදායි සේවාවාවක් ඉටු කළා. සමූපකාර ව්‍යාපාරය බිහි වූයේ කාර්මික විප්ලවයත් සමගයි. එම විප්ලවය තුලින් රැකියා අහිමිවූවන්ගේ බහුතරය කාන්තාවන්. ශ්‍රි ලංකාවේ සමූපකාර ව්‍යාපාරය බිහි වුයේ 1906 වසරේ දීයි. සරණ ව්‍යාපාරය 1978 වසරේ දී බිහි වුනා. එය අද වන විට දැවැන්ත වෘක්ෂයක් වෙමින් පීඩිත පන්තියේ ජනතාවට සේවය සළසනවා. මේ සදහා නායකත්වය ලබාදුන්නේ අචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මහතායි. සමූපකාර ව්‍යාපාරය තුල බැංකු නිර්මාණය කළාට සණස ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් සණස බැංකු පද්ධතිය ධනපති පන්තිය කොටස් යෙදවීම නිසා වර්තමානය වන විට සණස ව්‍යාපාරයට ඇත්තේ සියයට 30 ක කොටසක් බව නිර්මාතෘ කිරිවන්දෙනිය මහතා ප්‍රකාශ කළා. සමූපකාර ව්‍යාපාරය ඇතැම් ජීවන ප්‍රශ්න වලට තිබෙන හොදම විසදුමයි. සමාජවාදයට විකල්පයක් ලෙස මෙවැනි ව්‍යාපාර බිහි වෙනවා. සණස ව්‍යාපාරයත් බිහි කළේ සමාජවාදී දර්ශනය ඇති නායකයෙක්.
නිදහස යනු සිතීම පමණක් නොව අනෙකුත් සියලුම නිදහස ලබාදිය යුතුයි. දරිද්‍රතාවය නැති කිරීමේ නිදහසත් ලබාදිය යුතුයි. අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ලබා දිය යුතුයි. ඖෂධ සමාගම්වල බලපෑම් මත අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළා. තවත් දින කිහිපයකින් ඖෂධ වර්ග 26 ක මිල අඩු කරනවා. සෞඛ්‍ය යනු වෙළෙද ව්‍යාපාරයක්ම පමණක් නොව සේවාවක් ද විය යුතුයි. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ද ඉදිරි සතියේ දී නිකුත් කරනවා. මම ප්‍රායෝගික අත්දැකීම්වල සිටිමින් තමයි කථා කරන්නේ. එක ප්‍රතිපත්තියක අපි සිටිය යුතුයි. ඩොලර් බිලියන එකහමාරක වත්කමක් සතු සණස ව්‍යාපාරය ගොඩනැංවීම අපට ආදර්ශයක්. ඒ ආකාරයට රට ගොඩනැගීමට අපට බැරි ඇයි.” ද පැවසීය.

Read more

Local News