ජනපති සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක්

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප‍්‍රමුඛ වගකීමක් පැවරෙන බවයි.

අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම ද මෙහිදී සිදුවිය.

රජයේ ප‍්‍රමුඛ සංවර්ධන වැඩසටහන් වන ග‍්‍රාමශක්ති, ගම්පෙරළිය, එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, ජාතික රුක් රෝපණ වැඩසටහන ආදි සංවර්ධන ව්‍යාපෘති සඳහා අමාත්‍යාංශවල දායකත්වය ද මෙහිදී සමලෝචනයට ලක්විය.

එමෙන්ම ජනතාවගේ ජීවන වියදම් අඩු කරමින් ජනතාවට සහන සැළසීම සඳහා ගෙනයන වැඩපිළිවෙලේදී විධිමත් සහ කඩිනම් තීන්දු තීරණ ගනිමින් ජනතාවට සහන සළසාදීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

Read more

Local News