එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ප‍්‍රදර්ශනය හ‌ෙට ඇරඹේ

Share

සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න, හ‌ෙට (29) වැනිදා සිට 31 වැනිදා දක්වා මොරණරාගල දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි.
මෙම ප්‍රදර්ශනය මොනරාගලදී ආරම්භ වන්නේ හෙට දිනයේදීයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය විවෘත කෙරෙනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

Read more

Local News