”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ජාතික ප්‍රදර්ශන මාලාව අද මොණරාගල දී ආරම්භ ව‌ෙයි

Share

සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ” 2018 ජාතික ප්‍රදර්ශන මාලාව අද (29) සිට මොණරාගලදී ආරම්භ වෙයි.

ප්‍රදර්ශනය අගෝස්තු මස 29,30,31 යන තෙදින පුරා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්වෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක්, ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.

මොණරාගල දිස්ත්‍රික්කයේ පවූල් 25,000කගේ යටිතල පහසුකම් සියල්ලම මෙම ප්‍රදර්ශනයට සමගාමීව දියුණු කෙරෙන බව ද මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

රුපියල් 50,000 සිට මිලියන 750ක් වන තෙක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගත හැක. විශේෂයෙන් ම තොරතුරු තාක්ෂණය මේ ප්‍රදර්ශනය හරහා මොණරාගලට ගෙනියන බවත් මෙම නව ව්‍යවසායකයින් සැපයුම් ජාලයකට සම්බන්ධ කළ යුතු බවත් මෙම මොණරාගල ප්‍රදරශනය තුළින් ඔවුන් එම සැපයුම් ජාලයට සම්බන්ධ ව‌ෙ‌යි.

අද ආරම්භ වන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙ.ව. 10.00 සිට රාත්‍රී 12.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තබනු ලැබේ.මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘත කිරීම අද පෙ.ව. 10.00 ආරම්භ වෙයි.

Read more

Local News