රටක් දියුණු වෙනවා නම් සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් බහුල විය යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය

Share

රටක් දියුණු වෙනවා නම්, සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් බහුල විය යුතුයි. ”ව්‍යවසායික ශ්‍රී ලංකාව” තුළ තවත් ව්‍යවාසායකයින් ලක්ෂයක් හදන්න අප වෑයම් කරමු” යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇති කරන්න හේතුව මෙයයි. යම් කිසි සංස්කෘතියක් ඇති කර තිබෙනවා, දේශපාලඥයන්ගෙන් යැපෙන සංස්කෘතියක් ඇති කර තිබෙනවා. අපි මෙය වෙනස් කළ යුතුයි. මෙය වෙනස් කරන්න තමයි,” ව්‍යවසායික ශ්‍රී ලංකාව ” කියන සංකල්පය ඉදිරිපත් කර තිබෙන්නේ. අපි හදන්නේ ඒ අයගේ හැකියාව අනුව දිරිගන්වලා, අවස්ථාව ලබා දීලා, ඉදිරියට ගැනීමටයි, මේ සංකල්පය පිටුපස තිබෙන වෑයම වන්නේ.

වැඩකරන ජනතාවගේ ප්‍රතිශතයක් හැටියට ව්‍යවසායකයින් ගත්තොත් සියයට 2.8%යි. වියට්නාමය ගත්විට 19.6%ක් සිටිනවා. වසර විස්සකට උඩදී වියට්නාමය කොමියුනිස්ට් රටක් ලෙස හැදින්වූවේ. අද ව්‍යවසාකයින් 19.6%ක් ඉන්නවා. තායිලන්තය වැනි රටවල් වල සියයට සියයට 20%ක් ව්‍යවසායකයින් සිටිනවා. මෙන්න මේකයි අප වෙනස් කළ යුත්තේ. රටක් දියුණු වෙනවා නම්, සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් බහුල විය යුතුයි. එවිටයි රටක් දියුණු වන්නේ. ලොකු ව්‍යාපාරිකයන්ට පමණක් අත දීලා රටක් දියුණු කරන්නට බැහැ. කුඩා ව්‍යාපාරිකයෝ අප රට තුළ ගොඩනගන්න ඕන. පලමුවෙන් ම රටේ තිබෙන වෙළඳපොළ ආක්‍රමණය කරන්න, පසුව විදෙස් වෙළඳපොළ ආක්‍රමනය කරන්න, වැඩපිළිවෙලක් තිබෙන්න අවශ්‍යයි. ව්‍යවසායකයින් සංඛ්‍යාව 2,30,000 සිටින්නේ. ව්‍යවසායික ශ්‍රී ලංකාව තුළ තවත් ව්‍යවාසායකයින් ලක්ෂයක් හදන්න අප වෑයම් කරමු.

අපි පලමුව ණය ක්‍රමයක් යෝජනා කළා. පාසල් දරුවන් යන්නේ වෑන් රථවල. අලුත් බස් එකක් ගන්න අවශ්‍ය නම් ඒවාට ණය ක්‍රම තියෙනවා. කෘෂිකර්මයට ණය ක්‍රම තිබෙනවා. යන්ත්‍රෝපකරණ ගන්න ණය ක්‍රම තිබෙනවා. මාධ්‍යවේදීන්ට ණය ක්‍රම තිබෙනවා. සුළු පරිමාණයේ ව්‍යාපාරිකයින්ට ණය ක්‍රම තිබෙනවා. රුපියල් 50,000 සිට මිලියන 750ක් වන තෙක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ ණය ක්‍රමය තිබෙනවා.

මේ ණය බැංකු හරහා ලබා දෙන්නේ. මේක සමෘද්ධිය නොවෙයි.සමාජ සුබසාධනය නොවෙයි. ‌මේක ව්‍යාපාරිකයන් ගොඩනගන වැඩසටහනක්. මේක ණය ක්‍රමයක්. ගෙන එන යෝජනාව බැංකුවට පිළිගත හැකි යෝජනාවක් විය යුතුයි. අලුත් ව්‍යවසායකයින් දිරිමත් කරන්නයි ණය යෝජනා ක්‍රමය හඳුන්වා තිබෙන්නේ. ඔවුන් සැපයුම් ජාලයට සම්බන්ධ කළ යුතුයි. මොණරාගල ප්‍රදර්ශනය තුළින් සැපයුම් ජාලයට සම්බන්ධ කරන්න පුළුවන්. ප්‍රදර්ශනය තුළ කොටස් දෙකක් තිබෙනවා. එකක් ව්‍යවසායක කොටස, අනෙත් කොටස විනෝද විය හැකි අංග සියල්ලම එහි තිබෙනවා. විශේෂයෙන් ම තොරතුරු තාක්ෂණය මේ ප්‍රදර්ශනය හරහා මොණරාගලට ගෙන්න ඕන. ආර්ථිකයේ අනෙක් පැතිකඩත් විවෘත්ත කරන්න යනවා, ප්‍රදර්ශනය හරහා. මොණරාගල ඉන්න දරුවන්ටත් ඒ අවස්ථාව ලබා දිය යුතුයි.”

Read more

Local News