මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට

Share

පසුගිය 26 වනදා මින්නේරිය ජාතික විනෝද්‍යානය තුළ නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ධිවරයින් පිරිසක් විසින් එම වනජිවි නිළධාරින්ට පහරදී අදාළ පුද්ගලයින් දෙදෙනා රැගෙන ගොස් තිබුණි.

ඒ අනුව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පහරදීම සම්බන්ධයෙන් ඊයේ (28) පෙරවරුවේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සිද්ධියට අදාල තවත් සැකකරුවන් 10 දෙනෙකු ඊයේ පස්වරුවේ හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් 10 දෙනා අද (29) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News