තලතා ඇමතිනිය සිංගප්පුරුවේ බන්ධනාගාර පද්ධතිය නිරීක්ෂණයට

Share

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා සිංගප්පුරුවේ කළ සංචාරය අතුරතුරදී බන්ධනාගාර පද්ධතිය පිලිබදව අවබෝධයක් ලබා ගැනිම සදහා එරට CHANGI බන්ධනාගාරයේ කටයුතු පිළිබදව නිරීක්ෂණ චාරිකාවකට එක් වුවාය.

සිරකරුවන්ගේ ආරක්ෂාව සුභ සාධනය සිර මැදිරි පවතින ආකාරය පිළිබදව මෙහිදී අධ්‍යයනය කර ඇති අතර මෙරට බන්ධනාගාර කටයුතුවලදී ඒවා උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබදව සොයා බලන ලදී.

මෙම සංචාරය තුළින් විශේෂයෙන් දියුණු තාක්ෂණික ක්‍රම උපයෝගික කර ගනිමින් බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව සකස් කළ යුතු ආකාරය හා එරට ක්‍රියාත්මක වන බන්ධනාගාර ක්‍රම වේදයන් පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි විය.

විදේශීය රටවල බන්ධනාගාරවල පවතින ආරක්ෂිත නවීන තාක්ෂණික ක්‍රමවේදයන් අධ්‍යනය කර ඒවා මෙරට බන්ධනාගාරයන්හි කටයුතු සදහා යොදා ගැනීම තුළින් බන්ධනාගාර තුළ සිදු වන අක්‍රමිකතා අවම කර ගත හැකි බව අමාත්‍යවරිය සදහන් කරයි.

මෙම නිරීක්ෂණය සදහා සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් වීරරත්න අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහකාර සැළසුම් අධ්‍යක්ෂ (බන්ධනාගාර කටයුතු) සී.එන්. ලොකුහෙට්ට්ගේ යන මහත්වරුන් ද එක්වූහ.

.

Read more

Local News