නවක වදයට එරෙහි සිසු ජන ව්‍යාපාරය

Share

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්‍යාල තුල පසුගිය සමය තුළ උසස් අධ්‍යාපන ආයතන ශිෂ්‍යන්ට එරෙහිව සිදු කෙරුණු අපරාධ, හිරිහැර කිරීම්, අඩන්තෙට්ටම් පිළිබඳව තොරතුරු එක් රැස් කිරීම වෙනුවෙන් අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය ඇතුලු සිවිල් සංවිධාන සහ නවක වදයෙන් වින්දිතයන් බව ට පත්වූ ශිෂ්‍යයන් විසින් ‘නවක වදයට එරෙහි සිසු ජන ව්‍යාපාරය’ නමින් එකමුතුවක් නිර්මාණය කර තිබේ.

ඝාතනය කෙරුණු, හිරිහැරයන්ට ලක්වු ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉටු කිරීම, ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමේ හැකියාව සොයා බැලීම සහ විශ්ව විද්‍යාල පද්ධතියෙන් නවක වදය සම්පුර්ණයෙන් බැහැර කිරීම අරමුණු කරගෙන මෙය  ක්‍රියාත්මක වීමට කිරිමට නියමිතය.

නවක වදයේ ගොඳුරු බවට පත්වූ පුද්ගලයන්ට තම තොරතුරු මෙම ව්‍යාපාරය වෙත ලබා දිය හැකි අතර මහජනතාව වෙත ද තම අදහස් දැක්වීම සඳහා සමිබන්ධවිය හැකිය.පුද්ගල රහස්‍යභාවය සුරක්ෂා කිරීමට ද කටයුතු සලසා තිබේ.

apesrilankamovement@gmail.com නැමැති විද්‍යුත් තැපෑල මගින් www.facebook.com/apesrilankaයන ෆේස්බුක් ලිපිනයෙන් හෝ, ” සභාපති, විමුක්ති දුෂාන්ත, අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය, 19/2, විහාරවත්ත පාර, පතිරගොඩ, නාවින්න, මහරගම.” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද යොමු හැකිය.

Read more

Local News