ශ‍්‍රී ලංකාවට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත‍්‍ර භාරදෙති

Share

මෙරටට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ති‍්‍රකයෝ සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාර දුන්හ.

ස්විට්සර්ලන්තය, මැලේසියාව, ගෝතමාලාව සහ සැම්බියා රාජ්‍ය සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටී.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01-  Mr. Hanspeter Mock                    –           Ambassador of  Switzerland

02-  Mr. Tan Yang Thai                      –           High Commissioner of Malaysia

03-  Mr. Geovani  Rene Castillo         –           Ambassador of  Guatemala

04- Ms. Judith Kangoma Kapijimpanga –        High Commissioner of  the Republic Zambia

මෙහිදී නව රාජ්‍ය තාන්ති‍්‍රකයින් ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ ඉහළ ජාත්‍යන්තර සහයෝගයක් සමග සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජයග‍්‍රහණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව යන ගමනේදී නව රාජ්‍ය තාන්ති‍්‍රකයින් ද ඊට උපරිම සහය ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

Read more

Local News