සමලිංගික සේවනයට ඉන්දියාවේ අවසරය

Share

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව තුළ සමලිංගික සේවනය තවදුරටත් අපරාධයක් නොවන බවට ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ.

යටත් විජිත යුගයේ සිට පැවත ආ මෙම නීතිය තවදුරටත් බලාත්මක කරමින් 2013 වසරේදී ලබාදුන් තීන්දුවට අභියෝග කරමින් සමලිංගික සේවනය අස්වාභාවික අපරාධයක් ලෙස සැලකීම ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය එය නීතිගත කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.සමලිංගික සේවනය සම්බන්ධයෙන් ලෝකයේ එදාමෙදා තුර පැවති පැරණිතම නීතියක් ලෙස ඉන්දියාවේ පැවති මෙම නීතිය සැලකුණි.

Read more

Local News