කථානායක කරු ජයසුරිය සහ ඉන්දිය අගමැති අතර හමුවක්

Share

ඉන්දිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි එර‍ට බලා පිටත් වූ කථානායක කරු ජයසුරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවිය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, මනෝගනේෂන් යන මහත්වරුන් සහ ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද ,
පාර්ලිමේන්තු මහ ලේකම් දම්මික දසනායක මහතා ද එක්විය.

Read more

Local News