ලොරි රථයේ රිය සහයකයා එම රථයටම යට වී ජිවිතක්ෂයට

Share

කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලොරි රථයේ රිය සහයකයා එම රථයටම යට වි ජිවිතක්ෂයට පත් වු බව වටවල පොලිසිය පැවසිය.

අද (13) අලුයම 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදිය.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ නුවරඑලිය හාවාඑළියේ පදිංචි ධර්මලිංගම් මුරුගන් (47) නැමැති තිදරු පියෙකි.

පොහොර ටොන් 10 රැගෙන ධාවනය වි ඇති ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා විවේක ගැනිම සඳහා ලොරි රථය ප්‍රධාන මාර්ගය අභියස ගාල්කර මදක් විවේක ගෙන යලිත් ලොරි රථය පන ගන්වා ධවනය කරවන අවස්තාවේ ලොරි රථයේ ආරක්ෂාවට පසුපස රෝදයේ තැබු අඩයක් ගැනිමට රිය සහයකයා උත්සහ කිරිමේදි ලොරි රථය පසුපසට ඇදි රිය සහයකයා යට වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේ.

අනතුර පිලිබඳ ලොරි රථයේ රියදුරාව සැකපිට වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News