ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්

Share

ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ඊයේ (17) ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91 පරාජයක් ලබන්නට සිදුවිය.

අබුඩාබි හිදී පැවති මෙම තරඟය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 91කින් වන අතර ඇෆ්ගනිස්ථානය එක්දින තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව මෙය ව‌ෙයි.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයෙන් මූලික වටයේදීම ඉවත්වීමට සිදුවිය.

ඊයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත්වූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුල සියල්ලන් දැවී ලකුණු 249ක් රැස්කිරීමට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේදී තිසර පෙරේරා පන්දුවාර 09ක් යවමින් ලකුණු 55කට කඩුලු 05ක් බිඳ දැමුවා.

ලකුණු 250ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 158ක් තුල දවාගන්නට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් විය.

Read more

Local News