ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි තිදෙනෙකු මරුට

Share

කොලොන්නාවේ සිට මඩකළපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටීමෙන් වන අලි තිදෙනෙකු ගැටීමෙන් මියගොස් තිබේ.

පළුගස්වවැව සහ ගල්ඔය අතර පුවක්පිටිය ප්‍රදේශයේදී අද අලුයම 4 ට පමණ එම අනතුර සිදුව ඇත. ඒ හේතුවෙන් දුම්රිය ද පීලිපැනීමට ලක්ව තිබේ.

අනතුරෙන් පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News