අපනයන ක්ෂේත‍්‍රයේ බාධා ඉවත්කිරීමට ඉදිරි අය වැයෙන් අවධානය යොමු කර තිබෙනවා – ජනපති

Share

අපනයන ක්ෂේත‍්‍රයේ පවතින බාධාවන් තවදුරටත් ඉවත්කරලීම පිළිබඳ ඉදිරි අය වැය යෝජනා තුළ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.
ජාතික ආර්ථිකය ශක්තිමත් කරලීමේ දී වැදගත් ක්ෂේත‍්‍රයක් වන අපනයන ක්ෂේත‍්‍රයේ පිරිස් දිරිගැන්වීමට මෙන්ම ඔවුන්ගේ ගැටලු විසඳීමට ද රජය නිරන්තරයෙන් මැදිහත්වීම සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 2018 අපනයන සම්මාන උලෙළ අමතමිනි.

අපනයන ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධාන කරන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 22 වන වරටය.

2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත‍්‍ර 11 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණි.

Read more

Local News