ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරයි – ජනපති

Share

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව ට්‍රැකිටර්, වතුර පොම්ප හා අනෙකුත් කෘෂි කර්මාන්තයට අවශ්‍ය උපකරණ මේ අනුව මිළ ගණන් පහළ යනු ඇති බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ජාතික වැඩසටහන පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට 2018 වසර දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරන බවයි.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අද (06) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රෙයේ දී ආරම්භ වු අවස්ථාවේ දී උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Read more

Local News