ඇඹිලිපිටිය කඩදාසි කම්හල‌ේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම – කැබිනට් තීරණ

Share

මේ වන විට කිසිදු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කොරියන් ස්පා ආයතනය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 1200ක ආයෝජනයක් සහිතව ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය සඳහා මෙම කම්හල කොරියන් ස්පා ආයතනයට බදු පදනම යටතේ ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Read more

Local News