ඉදිරි දින කිහිපයේදීත් වැසි තත්ත්වය පවතියි

Share

ඉදිරි දින කිහිපයේදීත් පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ සහ උතුරු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට තරමක තද වැසිද බලාපොරොත්තු විය හැක.සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

 

Read more

Local News