යතුරුපැදි අනතුරකින් තරුණයෙකුට බරපතළ තුවාල

31

යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.

යතුරුපැදියක් හා මගී ප්‍රවාහන කුඩා බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ යාපනය කට්කෝවලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අනතුරෙන් යතුරුපැදියට දැඩි අලාභ හානි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.