ශ්‍රී ලංකා ජනපති සහ දකුණු කොරියා ජනපති අතර හමුවක්

Share

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියා ජනපති මුන් ජේ-ඉන් (Moon Jae-in) මහතා හමු විය.

නායකයන් දෙපළ සුහඳ කතාබහක නිරත වන අයුරු දැක ගත හැකි විය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ(24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අමතනු ලැබීය.

Read more

Local News