ගංජා හේනක් වටලයි – සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

Share

සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ මොරානවෙල ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස අක්කරයක පමන භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සියඹලාණ්ඩුව පොලිසිය සමත් වී ති‌බේ.

මෙම ගංජා හෙනේ උස අඩි පහකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා පැල පන්දහසකට වඩා තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ දහය ඉක්මවන බව පොලිසිය පවසයි.

ගංජා පැල සියල්ලක්ම පොලිසිය විසින් විනාශ කර ඇති අතර සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියඹලාණ්ඩුව පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News