ශ්‍රී ලංකා අත්කම් භාණ්ඩ අපනයනය සියයට 11 කින් වැඩිවෙලා – රිෂාඩ් බදියුදීන්

Share

හස්ත කර්මාන්තය නගා සිටුවීම උදෙසා ගෙවී ගිය වසර තූළදී ගනු ලැබූ සාධනීය පියවරයන් නිසා හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය සියයට 11 කින් වර්ධනය වී තිබෙන බවත්, පසුගිය දා පැවැත්වුණ ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ජාතික ප්‍රදර්ශනයෙන් රුපියල් මිලියන 12කට වැඩි ආදායමක් ලැබුණු බවත්, මෙය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන් ප්‍රදර්ශනයකදී ලද ඉහළම හා වාර්තාගතම ආදායම වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයෙන් පසුව පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

Read more

Local News