යාපනයේ නිල මෙහෙවර අද සිට ඇරඹේ

Share

යාපනයේ මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා අමාත්‍යාංශ 53ක නිලධාරීන් සමග අද (28) සිට සඳුදා (01) දක්වා යාපනයේ රැඳී සිටිති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්මත පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් හතරක් එම දින හතරේ දී පැවැත්වීමට නියමිතය. අද(28) චාවකච්චේරි ඩ්‍රිබර්ග් විද්‍යාලයේ දී ද, හ‌ෙට (29) චංකානයි වට්ටු හින්දු විද්‍යාලයේ දී ද, ඉරිදා (30) කයිට්ස් හි ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී ද සඳුදා (01) කරෙයිනගර් හින්දු විද්‍යාලයේ දී ද නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙයි.

Read more

Local News