ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය අද ස්ථාපිත ක‌ෙ‌රේ

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය අද (28) දින පෙරවරුවේ දඹුල්ල වෑවල හුබස්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙම අඹ වගා සංවර්ධන කලාපය ස්ථාපිත කරන ලද අතර, මෙම කලාපය තුළ වගා කරන අඹ පැළ සංඛ්‍යාව 15,000කි.

ඊට අමතරව එම ප්‍රදේශයේ කෘෂි මාර්ග සංවර්ධනය, අඹ වගාව සඳහා අවශ්‍ය වන උපාංග සහ පුහුණුව ද ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය  අමාත්‍ය වසන්ත අලුවිහාරේ යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අඹ වගා සංවර්ධන කලාපයෙන් ස්ථාපිත කරන ලද අතර, මෙහි දෙවන අදියර වශයෙන් යාපනය ප්‍රදේශයේ ද අඹ වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

Read more

Local News