ලෝක ළමා දිනය අදයි

Share

ලෝක ළමා දිනය අදට යෙදී තිබේ. ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොද ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු
සැලසුම් කොට ඇත.

‘දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න’ තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය මගින් සංවිධාන
කරයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

Read more

Local News