දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

Share

අද (01) සිට දුම්රිය ගාස්තු ඉහළට දමන බවට දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව 15% කින් දුම්රිය ගාස්තු වැඩිවීම සිදු ව‌ෙ‌යි.

2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව අද දින සිට සිදු කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර අැත.

ඒ අනුව පෙර පැවති අවම ගාස්තුව තුන්වන පන්තිය රු. 10, දෙවන පන්තිය රු.20 හා පළමු පන්තිය රු. 40 තවදුරටත් මේ අනුව නොවෙනස්ව තිබේ.

මෙම ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන්නේ වසර 10 ට පසුව වන අතර මෙම සංශෝධනයෙන් පසුව ද තවදුරටත් බස් ගාස්තුවට වඩා දුම්රිය ගාස්තු අඩුවෙන් පවතී.

Read more

Local News