පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් – ප්‍රද‌ේශ රැසකට සවස් කාලයේ වැසි

9

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් උතුරුමැද, මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලට දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිකුත් කළ නිවේදනයේ දැක්ව‌ෙයි.

එම තත්ත්වය එළැඹෙන 03 දා තෙක් පවතිනු ඇති බවත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

දකුණු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.