ඉන්දුනීසියාවේ සුනාමි තත්වය‌ෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 832ක් දක්වා ඉහළට

Share

ඉන්දුනිසියාවේ ඇති වු භූකම්පනය‌ෙන් සහ සුනාමි තත්වය ‌හේතුව‌ෙන් පුද්ගලයින් 832කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්විය.

රික්ටර් පරිමාණ 7.5ක භූකම්පනය‌ත් සමඟ ඇතිවු සුනාමි තත්වය‌ෙන් ඉන්දුනිසියාවේ සුලවේසී දිවයිනට බලපෑම් එල්ල විය.

මේ වන විට ‌එම දිවයින තුළ සුන්බුන් අතර සිරවි සිටින පිරිස් ස‌ොයා ම‌ෙහ‌ෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේ.‍

එම ම‌ෙහ‌ෙයුමත් සමඟ ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කළ‌ේය.

මෙම ආපදා තත්වය සමඟ සුලවේසී දිවයිනේ අවතැන්ව සිටින පිරිස් ව‌ෙත ආහාර පාන ඇතුළු ද්‍රව්‍යන් ලබා දීම ඉනිදුනිසියානු රජය විසින් සිදු කරන බවත් විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

ම‌ෙම ආපදා තත්වය පිළිබඳව ඉන්දුනිසියානු ජනාධිපති සිය සං‌වේගය පළ කර ඇති අතර ආපදාවට ලක්වු ප්‍රද‌ේශ ව‌ෙත පැමිණුන බවත් සඳහන්.

Read more

Local News