ශ්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය සග සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය සග සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) සිදු විය.
සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා නව තෙමහල් මන්දිරය විවෘත කරනු ලැබීය.
බෝසත් ශ්‍රී ලංකා පදනම මගින් බුරුමයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා ප්‍රමුඛ මහ රහත් ධාතුන් වහන්සේ මහජන වන්දනාමානය සදහා නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමාගේ සුරතිනි.
විහාරාධිපති මහාචාර්ය කිවුලේගෙදර නාරද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ  මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

Read more

Local News