ගාල්ලට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මාර්ග රැසක් ජලයෙන් යටව‌ෙයි

Share

ගාල්ල නගරයට ඊය‌ේ (30දා) පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවිය.

නගරයට ප්‍රවේශ වන මාර්ගවල තැනින් තැන ජලයෙන් යටවි තිබුණි. ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ කහදුවවත්ත ප්‍රදේශය, ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ජුල්ගහ අාදී ප්‍රදේශ ජලයෙන් යටවි තිබුණි. ගාල්ල කන්දවත්ත සරන්තුකඩය පල්ලිය අසළ මාර්ගයද ජලයෙන් යටවි තිබුණි.

Read more

Local News