මහනුවර වැඩ බලන දිසාපති ලෙස එල්. ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාව පත් ක‌ෙ‌රේ

Share

මහනුවර වැඩබලන දිසාපතිවරයා ලෙස එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (01) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන ලදී. මහනුවර දිසාපති ලෙස කටයුතු කළ එච්.එම්.පී. හිටිසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සදහා චන්ද්‍රිසිරි බණ්ඩාර මහතා වැඩබලන දිසාපතිවරයා ලෙස පත් කොට තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨතම නිලධාරියෙක් වන චන්ද්‍රිසිරි බණ්ඩාර මහතා මේ වන විට කෑගල්ල දිසාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි. 1985 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වෙමින් සමූපකාර සමිති පරීක්ෂකවරයෙක් ලෙස රාජකාරී ආරම්භ කර ඇති ඒ මහතා වනජීවී අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇත. උතුරුමැද පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කොට ඇති ඒ මහතා, අනතුරුව කෑගල්ල දිසාපතිවරයා ලෙස පත්වී ඇත.

Read more

Local News