දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුවි තිබේ.

ඊයේ(01) රාත්‍රීයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 22 කණුව, කළුතර උතුර ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇති බව වාර්තාවේ.

දඹුල්ල සිට එළවළු රැගෙන යමින් සිටි ලොරියක පිටුපස ඇති වම්පස රෝදය පිපිරීමෙන්, ලොරි රථය මාර්ගයේ පෙරළී ඇති බව පොලීසිය පැවසීය.

මේ හේතුවෙන් මාතර දෙසට රථවාහන ධාවනය විම පැය දෙකකට ආසන්න කාලයක් බාධා එල්ලවි අැති බව වාර්තාවේ.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර අැත.

Read more

Local News