දිවයිනේ සෑම පාසලකටම පලතුරු උද්‍යානයක් – අමාත්‍ය මහින්ද අමරවීර

Share

ලෝක ළමා දිනය නිමිත්තෙන් විශේෂ සමරු වැඩසටහනක් ඊය‌ේ (01) දින පෙරවරුවේ කොළඹ මරදාන අසෝක විද්‍යාලයේදී පැවැත්විණි.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ මෙම සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වු අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළ‌ේ,

දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පලතුරු ඇතුළත් උද්‍යානයක් බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සෑම පාසලකටම මෙන්ම විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන පරිශ්‍රයන් ආශ්‍රිතව පලතුරු උද්‍යාන පිහිටුවීමේ වැඩපිළිවෙල මෙම මාසය තුළ ආරම්භ කෙරෙන අතර, එහි ප්‍රථම ජාතික වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මාසය තුළ පැවැත්වීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read more

Local News