ඇල්පිටිය ප්‍රදේශයේ දී ගිනි අවි සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඇල්පිටිය, මණ්ඩකන්ද ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබ‌ෙන බවට වාර්තා ව‌ෙයි.

ඇල්පිටිය පොලිසීයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News