මුල්ලේරියාව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට

Share

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ මුල්ලේරියාව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පෙරළිගොස් බස් රථයක ගැටීමෙන් ම‌ෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ 41 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලය‌ෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මුල්ලේරියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News