නිදහස් අධ්‍යාපනයේ වරප‍්‍රසාද ලබන සියලුදෙනා මාතෘ භූමිය වෙනුවෙන් ද සිය වගකීම් ඉටුකළ යුතුයි – ජනපති

Share

රටේ සහ ජාතියේ අනාගතය රඳා පවතින්නේ උගත් අනාගත පරපුරක් මත බැවින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පසුගිය වසර තුන හමාර තුළ රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ජනාධිපතිතුමා පවසයි.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටිය දී එහි වරප‍්‍රසාද ලබන සියලුදෙනා යහපත් පුරවැසියන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් ද සිය වගකීම් ඉටුකළයුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අලුතින් ඉදිකළ ගෘහස්ථ කි‍්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්වෙමිනි.

සමරු ඵලකය නිරාවරණය කර ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතා දක්වන සිරිමාවෝ දියණියන්ගේ කී‍්‍රඩා පුහුණුවීම් තව තවත් විධිමත් කිරීම සඳහා පාසල් සංවර්ධන සමිතියේ හා ආදි ශිෂ්‍ය සංගමයේ අනුග‍්‍රහයෙන් නවීන පහසුකම් රැසකින් සමන්විතව මෙම ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණය ඉදිකර තිබේ.

Read more

Local News