අගමැති හ‌ෙට නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයකට

Share

නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (03) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Erna Solberg),ඉහළ මන්ත්‍රී  මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Tone Wilhelmsen Trøen), විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ ( Ine Eriksen Søreide) ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමඟ වික්‍රමසිංහ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

නෝර්වේ සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට ද නියමිතය.

Read more

Local News