එළවලු මිල ගණන් පහළට

Share

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබේ.

ඒ හ‌ේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි ගොවීන් පවසන්නේ,

විශේෂයෙන් පහතරට එළවළු වර්ග වන වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා, වට්ටක්කා, දඹළ, කැකිරි, නෝකෝල්, රාබු, බිට්, මාළුමිරිස්, අමුමිරිස් ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වෙයි.

එමෙන්ම උඩරට එළවලු වන කැරට් කිලෝව රු 80ක් බෝංචි කිලෝවක් රු 70ක් හැර අනෙකුත් එළවලු වර්ගද කිලෝව රුපියල් 25 සිට 55 දක්වා මිලයකට අලවි වන බව ගොවින් පවසති .

Read more

Local News