2019 වසරේදී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක්

Share

2019 වසරට වන අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන අතර එම වසරේදී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරනු ලැබු පසු, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම පත්‍රිකාවට අනුව දේශීය නිෂ්පාදිතයෙන් 4.1% ක් වන බව ද එම නිවේදනයේ සඳහන්වේ.

Read more

Local News