කෑගල්ල දිස්ත්‍රික්කයේ අවදි නගරයට මුල් ගල තබයි

Share

කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපලක් බිහිකිරීම හා කෑගල්ල දිස්ත්‍රික්කය සංචාරක ආකර්ෂිත ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ඉඳිකිරීමට යෝජිත අවදි නගරයට මුල් ගල තැබීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව බෝයගොඩ වසමේ දී සිදුකෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අවදි නගර ව්‍යාපෘතිය සඳහා ග්‍රාමශක්ති ජාතික වැඩසටහන යටතේ ප්‍රතිපාදන හිමි විය.

විශේෂයෙන්ම මෙමඟින් දිස්ත්‍රික්කයේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය අන්තර් ජාතික වෙළඳපල නිර්මාණය කර ගැනීමට ද අපේක්ෂිතය.

Read more

Local News