ඉන්දුනිසියානු සුනාමි බලපෑමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Share

ඉන්දුනිසියාවේ සුනාමි බලපෑමෙන් මේ වන විට ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 1300 දක්වා ඉහළ ගොස් අැති බවට එරට බලධාරින් පැවසීය.

පසුගිය දින ඉන්දුනිසියාවේ අැති වු රික්ටර් මාපක 7.5ක භු කම්පනයෙන් සුනාමි තත්ත්වයක් අැති විය.

විශාල බලපෑමක් එල්ල වුයේ සුලවේසි දිවයිනට වන අතර මෙම තත්ත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 844ක් බවටයි පසුගිය අඟහරුවාදා දින වාර්තා වුයේ.

එහෙත් මේ වන විට ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 1347 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වියහැකි බවයි එරට බලධාරින් සඳහන් කළේ.

සුනාමි රළ හේතුවෙන් තවත පිරිස් අතුරුදන්ව අැති බවට විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්වේ.

අතුරුදන් පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර අැත.

අවතැන් වුවන් වෙනුවෙන් සහන පහසුකම් එරට රජය විසින් සපයන බව විදෙස් මාධ්‍ය වර්තා කරනු ලැබිය.

Read more

Local News