නිල මෙහෙවර යටත‌ේ යාපනයේ ගැටලු 140,000ක් විසඳා අවසන්

Share

යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් 12ක් පවත්වා අවසන් කළ බවත් එහි දී වසර 30කට වැඩි කාලයක් ගොඩගැසී තිබූ නොවිසඳුණු ජනතා ගැටලු 140,000ක් පමණ විසඳා අවසන් කරමින් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ අතරින් වැඩිම ගැටලු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණේ නිවාස, ඉඩම්, සනීපාරක්ෂක පහසකම් ලබාගැනීම් සම්බන්ධයෙන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

යුද්ධය හේතුවෙන් තම සැමියා අතුරුදන් වීම නිසා හෝ මරණයට පත්වීම හේතුවෙන් හෝ වැන්දඹුවී ගෘහ මූලිකත්වය දරණ කාන්තාවන් විශාල ප්‍රමාණයක් පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එවැනි කාන්තාවන් 28,953 දෙනකුගේ ගැටලු යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඇති අතර ඉන් 21,718ක් සඳහා දැනටමත් විසඳුම් ලබා දී අවසන්ව ඇත. අතුරුදන් වූවන් වෙනුවෙන් රජය විසින් හඳුන්වාදුන් නොදුටු සහතිකය ඉල්ලා විශාල පිරිසක් නිල මෙහෙවර භූමියට පැමිණි බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read more

Local News