පවතින වැසි තත්ත්වය තවදුරටත්

Share

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (04) නිකුත් කළ නිවේදනය‌ේ දැක්ව‌ෙයි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

වයඹ, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැක.

බස්නාහිර, දකුණු සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනය‌ේ වැඩිදුරටත් සඳහන් ව‌ෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News