තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා රිමාන්ඩ්

Share

කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා එළඹෙන 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිය බාරයට ගත් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින්  අදාළ පොලිස් සැරයන්වරයා එලෙස නොසන්සුකාරී ලෙස හැසිරී ඇති බවටයි වාර්තා වන්න‌ේ.

එම පොලිස් සැරයන්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ අදාළ පොලිස් සැරයන්වරයා තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බවට ප්‍රකාශ කරමින් තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

Read more

Local News