මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ග‌ේ බිරිඳ අත්අඩංගුවට

Share

මලයාසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්ග‌ේ බිරිඳ වන ර‌ොස්මා මන්සූර් එරට දුෂණ මර්ධන ක‌ොමිසම ඊය‌ේ අත්අඩංගුවට ග‌ෙන තිබේ.

මුදල් විශුද්ධීකරණය සහ තවත් නිතිවිර‌ෝධී ක්‍රියා සම්බන්ධය‌ෙන් ඇයට ච‌ෝදනා එල්ල වී ඇති බවයි විද‌ෙස් මාධ්‍ය අනාවරණය කළ‌ේ.

මලයාසියනු දුෂණ මර්ධන ක‌ොමිසම විසින් ර‌ොස්මාග‌ේ අත්අඩංගුවට ගැනීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කර තිබේ.

නජීබ් රසාක්ග‌ෙන් ද ම‌ෙවැනිම ච‌ෝදනා යටත‌ේ මලයාසියානු දුෂණ මර්දන ක‌ොමිසම ප්‍රශ්න කල අතර ඉන් ප්‍රධාන වන්න‌ේ රජය‌ේ සංවර්ධන අරමුදල‌ෙන් අම‌ෙරිකානු ඩ‌‌ෙ‌ාලර් මිලියන 700ක මුදලක් සිය ප‌ෞද්ගලික ගිණුමට හුවමාරු කර ගැනීමයි.

විද‌ෙස් මාධ්‍ය වාර්තා කරන්න‌ේ නජිබ් රසාක්ග‌ේ සහ ර‌ොස්මා මන්සූර් යුවලග‌ේ දියණිය වන නූරියා නජ්වා නජීබ් තම මව අත්අඩංගුවට ගැනිම සම්බන්ධය‌ෙන් බලධාරීන් විවේචනය කරමින් සිය ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ සටහනක් පල කර ඇති බවයි.

ඇය සඳහන් කර ඇත්ත‌ේ බලය‌ේ සිටි මිනිස‌‌ෙ‌කු ක‌ෙර‌ෙහිි පියවර ගැනීම මට පිළිගත හැකියි නමුත් කාන්තාවග‌ේ ජිනිතයට හානියක් සිදුවීමේ දී ඇයව දුර්වල වන බවයි.

Read more

Local News