ලබන 16 වැනි දා “ජාතික හරිත සම්මාන 2017″ උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Share

“ජාතික හරිත සම්මාන  2017″  උළෙල ලබන 16 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර  දිසානායක මහතා පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති මාධ්‍ය හමුවේදී ය.

2011 වසරේ සිට මේ දක්වා මෙම සම්මාන උළෙල ඉදිරියට යමින් එම වැඩසටහන පසුගිය වසරේ සිට පුළුල් කරමින්  මෙම සම්මාන උළෙල පැවැත්වෙන බවත් මෙම වසරේ ජනවාරී මාසයේ මේ සඳහා අයදුම්පත් කැඳවූ බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා පැවසීය.

 

Read more

Local News