සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා ගතයුතු ඉදිරි පියවර නොපමාව කි‍්‍රයාවට නංවනවා – ජනපති

Share

චිත‍්‍රපට කර්මාන්තය සහ කලාකරුවන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රජය පසුබට නොවන බවත්, ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා ගතයුතු ඉදිරි පියවරයන් නොපමාව කි‍්‍රයාවට නංවන බවත් ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වර්තමානයේ චිත‍්‍රපට කර්මාන්තය මුහුණ පා සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවකට ඊයේ (03) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී එක් වෙමිනි.

චිත‍්‍රපට බෙදාහැරීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද මෙහිදී විශේෂ සාකච්වඡාවට ලක් විය.

චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේ දී හා බෙදාහැරීමේ දී අදාළ පනත් නොසලකා හැරීම් සිදුවන බැවින් ගැටලු රැසක් මතුවී ඇති බව මෙහි දී අනාවරණය කෙරුණු අතර ගුණාත්මක චිත‍්‍රපට නිෂ්පාදනය කිරීමේ දී සහ ප‍්‍රදර්ශනය කිරීමේ දී රාජ්‍ය සහය අත්‍යවශ්‍ය බව ද සඳහන් කෙරිණි.

Read more

Local News