ජනපති ප‍්‍රධානත්වයෙන් මන්නාරම් දිස්ති‍්‍රක් පරිසර සමුළුව අද

Share

නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ අනුව වාර්ෂිකව දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වෙන වනරෝපා ජාතික වැඩසටහන සහ පරිසර සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) මන්නාරම දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වේ.

මන්නාරම තම්බනෛයිකුලම් ප‍්‍රදේශය ආවරණය කරමින් හෙට පෙරවරුවේ වනරෝපා ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර පරිසර සමුළුව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පෙ.ව 10.00 ට මන්නාරම නගර සභා කී‍්‍රඩාංගණයේ දී පැවැත් වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 වන රෝපා වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවල පැළ මිලියන 2 කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාදීමට ද කටයුතු යොදා තිබේ.

Read more

Local News