යල් අස්වනු පූජාව මේ මස 8 වනදා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී

Share

යළ කන්නයේ නෙලාගත් අස්වැන්න ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සිරි දළදා යල් අස්වනු පූජාව ඔක්තෝම්බර් 08 වැනි දින මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ එක්ව සංවිධානය කරනු ලබන මෙම යළ අස්වනු පූජාව පැවැත්වෙන්නේ තුන්වැනි වරටයි.

08 වැනි දින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අලුත් සහල් ධාන්‍ය සහ රන් කරල් රැගත් පෙරහැරෙන් ගොස් දළදා සමිදුන් ඉදිරියේදී සෙත් පිරිත් සජ්ඡායනය මැද අලුත් සහල් පූජාව පැවැත්වෙනු ඇත.

Read more

Local News